ඔක්තෝබර් පලවෙනිදා ලෝකයම ළමයි ගැන කතා කළ දවස. ඊට පහුවදා සායනයේදී අපිට හමු වුණා, අවුරුදු 14ක ගැහැණු ළමයෙක්. ඇය සායනයට එක්ක ආවේ ඇගේ මව සහ පියා.
වෙනදා සායනයේදී දකින ළමයින්ට වඩා මේ ළමයා වෙනස්. ඇය සායනයට ආවෙත් ඇවිල්ලා වෛද්‍යරයා වෙත යනකල් හිටියෙත් අත් දෙකින්ම මුහුණ වසා ගෙන. වෛද්‍යරයා ඉදිරියේ පවා මේ ළමයා හිටියේ ඒ ඉරියව්වෙන්මයි.
මේ දැරිය මේ විදියට හැසිරෙන්නේ ඇගේ මව සහ පියා ඉදිරියේ පමණක් බව දැරිය ගෙ දෙමාපියන් වෛද්‍යවරයාට කීවා. නමුත් ඇය ඔවුන් නොමැති පිට ගෙවල්වදී මෙසේ මුහුණ වසන්නේ නැති බව කීවා. වෛද්‍යරයා දෙමාපියන්ව සායන කාමරයෙන් ඉවතට යවා ඇය හා තනිව කතා කිරීමට උත්සහ කළද ඇය සිටියේ දෑතින්ම මුහුණ වසා ගෙනයි.
මේ ළමයා මේ තත්වයට පත් වීමට කලින්, හරියට කෑම කාලා නෑ. නින්දක් නෑ. වෙනදාට වඩා තරහ යනවා. හේතුවක් නැතිව අඩනවා. දැරිය ගෙ මේ හැසිරීම මොකක්ද කියන එක දෙමාපියන්ට විශාල ප්‍රහේලිකාවක්. ” මෙයාට අපලයක්වත්ද? මොනව හරි බැල්මක්වත්ද වැටිලද?” “පෙරේතයෙක් වැහිලද?”
මේ උභතෝකෝටික ප්‍රශ්නය විසද ගන්න ඔවුන් ගියේ ගමේ දේවාලෙට. ඔහු කීවේ දැරිය මේ විදියට හැසිරෙන්නේ ආයට භූතයෙක් වැසී ඇති නිසා බවයි. ඒ භූතයා එළවීමට කියා ඔහු මේ ළමයාට කලේ හොඳටම දී තිබුණා. ඔහු එසේ පහර දුන්නේ ළමයාට නෙවෙයි භූතයට!!
දෙමාපියොත් හිතුවෙ හරි දැන් භූතයා ගුටි කෑවා ආය කෙල්ල දිහා ඇහැක් ඇරල බලන එකක් නෑ කියල. නමුත් වුණේ ළමයා ඇහැක් ඇරල දෙමාපියන් දිහා නොබලන තත්ත්වයට පත් වීමයි!!
දැරිය ගේ වාසනාවකට කවුරුන් හෝ ඇගේ දෙමාපියන්ට පවසා තිබුණා ඇයට මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සුදුසු බව. ඇය පරීක්ෂා කළ විශේඥ වෛද්‍යරයා නිගමනය කලේ ඇය විෂාදයෙන් ( Depression) පෙළෙන බවයි.
මේ දැරිය කපුවා වෙත රැගෙන ගොස් තිබුණේ විෂාදය ( Depression) පෙන්වන ලක්ෂණ ගැන දෙමාපියන්ට අවබෝධයක් නොතිබීම නිසයි. තවමත් මේ වගේ හැසිරීම් දෙස අපේ සමාජය බලන්නේ ගතානුගතික චින්තනයෙන්. මේ තත්ත්වය වෙනස් වෙන්නෙ කොහොමද? කවදද? මේක තවමත් නිසියාකාරව විසඳී නැති ගැටලුවක්.
ළමයින් හිතන පතන විදිය වෙනස්. ළමයි එකිනෙකාට වෙනස්. සමහර ළමයි දේවල් මව්පියන්ට කියනවා. සමහරු එහෙම නෑ. මේක තීරණය වෙන්නේ දරුවා සහ දෙමාපියො අතර තිබෙන සම්බන්ධතාවයේ ගුණාත්මක බව මත බවයි මගේ හැගීම. මේ ළමයාට කියා ගන්න බොහෝ දේ ඇති. නමුත් නිසි සවන් දීමක් විසඳීමක් ගැන විශ්වාසයක් නොතිබෙන්න ඇති.
මේ ළමයා සිය දෙමාපියන් සිටින තැන මුහුණ වසා ගන්නේ, ඇයට කපුවා ලවා පහර දීමට මුල් වුණේ ඔවුන් නිසයි. ඇය වෛද්‍යරයා ඉදිරියේ දෙමාපියන් නැතිව වුණත් දෑස් ඇරියෙ නැත්තේ ඇයව වෛද්‍යරයා වෙත ගෙන ආවෙත් දෙමාපියන් නිසයි. ඇය දෙමාපියන් සිටින අහලකවත් ඇස් අරින්න කැමති නැති මානසිත්වයකට පත් වෙලා. ළමා මනසක් ක්‍රියා කරන්නෙ එහෙමයි. මේ ළමයා මේ වගේ සිදුවීමකදි මේ විදියේ හැසිරිමක් පෙන්නුම් කලාට තවත් ළමයෙක් ඉන්න පුළුවන්, වෙනත් විදියකට හැසිරීමක් පෙන්නුම් කරන. උදාහරණයක් විදියට ප්‍රචණ්ඩකාරී විදිය, මුළු ගැන් වී සිටීම වැනි.
කොහොම වුණත් වෛද්‍යරයා මේ ළමයාගෙ විෂාදයට ඖෂධීය ප්‍රතිකාර නියම කළ අතර, ඇය යථා තත්ත්වයට පත් වන තෙක් නෑදෑ ගෙදරක ආරක්ෂිතව නවතා තබන ලෙස උපදෙස් දුන්නා.
මේ අපි දැක්ක එක් දරුවෙක් පමණයි. තවත් මෙවන් දරුවන් සමාජයේ ඇති කිසි පිළිසරණක් නැතිව. ළමයින් ගේ මෙවැනි මානසික තත්වයන් ගැන නොදන්නා දෙමව්පියන් ද ඇති.
මේ විදියට දරුවන්ට තළන පෙළන කපුවෝද ඇති.
ළමයින්ට ගහන්න ගුරුවරුන්ට බැහැ. කපුවන්ට පුළුවන්ද?
එන අවුරුද්දේ ලෝක ළමා දිනයටවත් මේ ගැනත් කතා කරමුද?