
මෑතක සිට අපේ රටේ නිතර කතා කරන මාතෘතාවක් වී ඇත්තේ ඔටිසම් (Autism) යනුවෙන් හඳුන්වන ළමා මානසික රෝගී තත්ත්වයයි. නමුත් බොහෝ අයට ඔටිසම් කියන තත්ත්වය නිකම්ම නිකම් නාම මාත‍්‍රයක් පමණි. ඒ් නිසා අපි මෙවර සායනය තුලින් විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ මහතා හමු වන්නේ ඔබට ඒ ගැන නිසි අවබෝධයක් ලබා දීමටයි.
වෛද්‍යතුමනි අපිට මුලින්ම කියන්න ඔටිසම් නැමැති රෝගී තත්ත්වය කුමක්ද?
ඔටිසම් යනු දැනට දරුවෙකුගේ මොළයට බලපාන දරුණු රෝග අතුරින් එකක් යැයි හැඳින්විය හැකියි. මෙහි ප‍්‍රධන ලක්ෂණ වන්නේ වයස අවුරුදු 2-3 කාලය තුළ එක්කෝ වර්ධනය වෙමින් පවතින කතාව නැවතීමල තනිව සිටීමට උත්සහ කිරීම නොයෙක් අසාමාන්‍ය හැසිරීම් පෙන්වීම යන ලක්ෂණ ති‍්‍රත්වයයිි. ඉතින් මෙම ප‍්‍රධාන ලක්ෂණ තුනට අදාළව සහ අදාළ නැති වෙනත් ලක්ෂණත් දැකිය හැකියි.
මෙම රෝගය ගැන ජනතාව සහ මාධ්‍යය මෙතරම් කතා කරන්නේ ඇයි? මෙය මෑතකදී සොයා ගත් රෝගයක්ද?
නැහැ .මෙම රෝගය මෑතකදී සොයා ගත් රෝගයක් නොවෙයි. මෙම රෝගය සොයා ගෙන දැන් අවුරුදු 70කට වැඩියි. මෙම රෝගය මුලින්ම විස්තර කළේ Kanner නැමැති වෛද්‍යවරයායි. ඔහු එදා 1943 දී ඔහු මෙම රෝගය විස්තර කළේ විරල රෝගයක් විදියටයි. 1975 වන විටත් මෙය සැලකුවේ විරල රෝගයක් විදියටයි. ඒ දිනවල වෛද්‍ය ශිෂ්‍යයෝ විදියට අපිට ඔටිසම් වැළඳුන ළමයෙකු හමු වුණොත් එය සැලකුවේ ජීවිතයේ වැදගත් සායන අත්දැකීමක් විදියටයි. නමුත් 1980 ගණන වල සිට මෙම රෝගය විරල රෝගයක් නොවන බව සොයා ගත්තා. කෙතරම් සාමාන්‍ය රෝගයක්ද කියනවා නම් දැන් ඇමෙරිකාවේ ළමයින් 65:1 කට මෙම රෝගී තත්ත්වය පවතින බව සොයා ගෙන තිබෙනවා. ඒ තරමට සුලභ නැති වුණත් ලංකාවේ ළමයින් අතර මෙම තත්ත්වය එසේමයි. එනම් දැන් අපි මෙම තත්ත්වය සුලභ බව දකිනවා.
ඒ කියන්නේ ඔබේ සායන කාලය තුල නිතර දකින රෝගයක්?
ඔව් ඇත්තටම දැන් සුලභව දකින රෝගයක්.
මෙවන් සුලභ වන්නේ බරපතල රෝගී තත්ත්වයක් නේද?
ඔව්, මෙය ළමා වියේ හැදෙන බරපතලම රෝගයක් බව කිව හැකියි. හේතුව මෙම රෝගය මුලු ජීවිත කාලය තුලම බලපාන රෝගයක්. මෙම ළමයින් සාමාන්‍ය වැඩිහිටියෙක් ලෙස හැදෙන ඉඩකඩ හොඳටම අඩුයි.
මෙම රෝගය හැදෙන්න හේතුව හෝ හේතු මොනවාද?
ප‍්‍රධාන හේතුව වන්නේ ජාන බලපෑමයි. ඔටිසම් ජාන තිබෙන පවුල් වල මෙවැනි ළමයින් බිහි වන ඉඩ කඩ වැඩියි. ඒ වගේම අඩු වයසින් ඉපදී මල වර්ධනය වීමේ ඇති ප‍්‍රශ්න වැනි දේවල් වලිනුත් මෙම රෝගය හට ගන්නා ඉඩ වැඩියි. ඔටිසම් පිළිබඳව සිදුකළ නවතම පරීක්ෂණයකින් හෙලි වී තිබෙන්නේ මව ගර්භනී කාලයේ පැරසිටමෝල් ගැනීම සහ මව ගැබිණි සමයේ මුල් මාස 3 තුළ ස්කෑනින් පරීක්ෂණවලට ලක් වීම යන හේතු දෙක ද ඔටිසම් දරුවෙකු බිහි වීමට බලපාන බවයි.
නමුත් අපි අසා තිබෙනවා මව ළග ඉන්නේ නැතිව වැඩට යාම, මවගේ ආදරේ අඩුකම වැනි දේවල් වලින් ඔටිසම් හැදෙනවා කියා. එහි ඇත්තක් තිබේද?
නැහැ. එවැනි මත අමුලික මිත්‍යාවන් පමණයි. එදා වෛද්‍ය Kanner පවා ප‍්‍රකාශ කළේ මෙය ජාන වලින් හදෙන රොගයක් වෙන්න ඔ‘නෑ යනුවෙනි. නමුත් ඊට පසු නොයෙක් අය නොයෙක් මත ප‍්‍රකාශ කළා ඔබ පැවසු විදියට මවගේ ආදරේ අඩුකම නිසා මෙය හට ගන්නා බව. එම මත වැරදියි.
මෙම රෝගය හඳුනා ගන්නේ කෙසේද?
ප‍්‍රධාන ලක්ෂණ ගැන දෙමාපියන් දැන ගෙන සිටිය යුතුයි. කතාව ප‍්‍රමාද වෙනවා නම් හෝ වර්ධනය වන කතාව එක් වරම නැති වුණා නම් එය ඔටිසම් යැයි සිතිය යුතුයි. ඒ වගේම දරුවා අනෙක් ළමයින් වගේ අම්මා පවා ගැටෙන්න අකමැති නම් තනියම ඉන්න කැමති නම් ඔටිසම් යැයි සිතිය හැකියි. එසේම ළමයින් එකම දේ කරනවා.නම‘ල ඒ් වගේම එක තැන කැරකෙනවාල ඇගිලි වලින් අමුතු දේවල් කරනවා නම් හෝ සෙල්ලම් කාර් එකක් පවා තල්ලු කරන්නේ නැතිව හපනවා නම් ඔටිසම් යැයි සිතිය යුතුයි.නමුත් ඔටිසම් ගැන නිවැරදි රෝග විනිශ්චයකට එන්න නම් මනෝ වෛද්‍යවරයෙක් වෙත දරුවා ගෙන යන්න.
මෙවැනි ළමයිගේ මෙම තත්ත්වය සඳහා රුධිර පරීක්ෂණ ස්කෑනින් පරීක්ෂණ සිදු කරනවාද?
නැහැ. එවැනි වෛද්‍ය පරීක්ෂණ වලින් ඔටිසම් ඒ වගේම රුධිර පරීක්ෂණ තත්ත්වය විනිශ්චය කළ නොහැකියිි. එකම විදිය වන්නේ ඔටිසම් දරුවන් ලබා තමන්ට ඇති අත්දැකීම් තුලින් සහ රෝග විනිශ්චයකාරක තුලින් රොගය තීරණය කිරීමයි.
මෙම සඳහා ඇති ප‍්‍රතිකාර ගැන කතා කළොත්?
මෙම සඳහා ඖෂධීය ප‍්‍රතිකාර නැහැ. ඔටිසම් රෝගය නිසා ඇති වන හැසිරීම් පාලනයට පමණක් ඖෂධීය ප‍්‍රතිකාර තිබෙනවාග ඔටිසම් රෝගය නිසා ඇති වන තනි වීමට ඉඩ නොදිය යුතුයි. ඒ නිසා මව පියා හෝ වෙනත් කෙනෙක් නිතර දරුවා සමග ක්‍රියාකාරකම් කළ යුතුයි. ඒ වගේම මෑතකදී සොයා ගෙන තිබෙනවා විශේෂයෙන්ම මවට දරුවෙකුගේ භාෂාව තෝරා බේරා ගැනීමේ හැකියාව ඉතා වැදගත් බව. එනම් බොහෝ මව්වරුනට පුලුවන් තම දරුවා කරන සංනිවේදන තේරුම් ගැනීමට. ඒ තුලින් මෙවැනි දරුවන් සාමාන්‍ය ලෝකයට ගෙන එන්න පුලුවන් බව සොයා ගෙන තිබෙනවා.
ඔටිසම් රෝගය ඇති වී සුව වන අවස්ථා තිබෙනවාද?
ඔව්, සුව වෙන්න බලපාන ප‍්‍රධාන හේතු 3ක් තිබෙනවාග එනම්. රෝගය කල් තියා හඳුනා ගැනීම, කතාව අවුරුදු පහක් තුළ ඇති වීම සහ ඉහළ බුද්ධි මට්ටමක් ළමයාට තිබීම.
අපි අසා තිබෙනවා ඔටිසම් තිබෙන සමහර ළමයින් පුදුමපන්වන අය බව?
ඔව්, එවැනි ළමයින් ඉන්නවා. ඉතා සංකීර් ගණිත ගැටලු මනෝමයෙන් විසඳීමට හැකියාව ඇති, ඉතා සංකීර්ණ චිත‍්‍ර ඇඳීම වැනි දේවල් පුලුවන් ළමයින් ඉන්නවා ඔටිසම් ළමයින් අතරග නමුත් 60%කටත් වැඩියෙන් ඔටිසම් ළමයින් අඩු බුද්ධියක් ඇති ළමයින් විනා මෙවැනි අධි බුද්ධිමත් ළමයින් නොවේ.
ඔටිසම් තත්ත්වය අඩුවෙන් පවතින ළමයින් බුද්ධිමත් යැයි කියන්නෙ ඇත්තද?
ඔව් එහි ඇත්තක් තිබෙනවා,මීට වසර 5කට පෙර නම් එවැනි පුද්ගලයින් හැඳින්වුයේ Asperger’s රෝගයෙන් පෙළෙන අය විදියටයි. ඔවුන් ඔබ පැවසු විදියට ඉතා බුද්ධිමත් පුද්ගලයෝයි. ඔවුන් ගේ කතාව හොඳට වර්ධනය වෙනවා. ඔවුන්ට තිබෙන එකම ප‍්‍රශ්නය වන්නේ සමාජයේ අනෙක් පුද්ගලයින් සමග සම්බන්ධ වන විට අමුතු විදියට පෙනෙනවා. නමුත් දැන් එම නමැති රෝග කොට්ටාශය ඔටිසම් රෝගයටම ඇතුලත් කොට තිබෙනවා. බොහෝ මනෝ වෛද්‍යවරු තවමත් රෝගය පරණ විදියටම රෝගයක් විදියට වෙනම විනිශ්චය කරනවා.
වෛද්‍යතුමනි අප දන්නා පරිදි ලෝකයේ දියුණු රටවල මෙවැනි විශේෂිත අවශ්‍යතා සහිත දරුවන් පුහුණු කිරීමට රෝහල්වල පාසැල්වල පහසුකම් තිබෙනවා නමුත් ලංකාවේ රෝහල් වල පාසැල්වල එවැනි තත්ත්වයක් නැහැ. ඒ ගැන ඔබේ අදහස?
අපේ රටේ පාසැල්වල විශේෂ අධ්‍යාපන ඒකක යනුවෙන් වෙන් කළ පන්ති තිබෙනවා. නමුත් මා දන්නා විදියට ඒවා භාවිතා කරන්නේ සාමාන්‍ය පන්තියක තබා ගත නොහැකි. ළමයින් සඳහා විනා එම ළමයින්ට උදව් කිරීමට නොවෙයි. මෙම පන්තිවල ඉන්නේ මන්ද මානසික ළමයින්. ඔටිසම් යනු විශේෂ අසනීපයක්. ඔවැනි ළමයින් පුහුණු කිරීමට නම් ගුරුවරයා විශේෂ පුහුණුවක් ලබා තිබිය යුතුයි. එවැනි පන්ති ලංකාවේ නැහැ. ඔය සෑම තැනකම තිබෙන පෞද්ගලික ඔටිසම් මධ්‍යස්ථානවල පවා නිසි පුහුණුවක් ලැබු ගුරුවරු නැහැ. අප කළ යුත්තේ විදෙස් රටවලින් හෝ එවන් ගුරුවරු ගෙන්වා එවැනි කිරීමයි. අනෙක ඔටිසම් ළමයින්ව පුහුණු කල යුතුයි.
ඔබ සමාජයට දෙන පණිවිඩය?
අද ළමයින් අතර ඩෙංගු වැනි රෝග හැරෙනන්ට විෂ බීජ නිසා හැදෙන රෝග බරපතල රෝග අඩු වී ගෙන යනවා. අද ප‍්‍රචලිත වන රෝගයක් වන්නේ ඔටිසම් රෝගයයි. එම නිසා මේ ගැන විමසිල්ලෙන් සිටීම සහ ඒ ගැන කරුණු දැන ගෙන සිටීම වැදගත් වෙනවා. මෙම රෝගය කලින්ම හඳුනා ගත යුතුය සාර්ථක ප‍්‍රතිඵල ලබන්නට නම් ප‍්‍රතිකාර පටන් ගත යුතුයි .දරුවෙකුගේ කතාව වර්ධනය වන්නේ නැතිනම් යැයි සලකා බල බලා ඉන්න එපා. වෛද්‍යවරයෙක් හමු වී උපදෙස් ලබා ගන්න.
විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ
සාකච්චා කළේ ප්‍රියන්ති මැණිකේ නවරත්න