සැකය මනෝ වෛද්‍ය විද්‍යාත්මකව

අප පසු ගිය සතියක වෛද්‍ය සායනය තුළින් අධික තරහ ගැන කතා කළෙමු. තරහ වගේම අපි සමාජයේ නිතර දකින දෙයක් වන්නේ සැකයයි. අඹුසැමියන් අතර පවුලේ දෙමාපියන් දරුවන් වගේම සහෝදර සහෝදරියන් අතර යහලුවන් අතරත් මේ සැකය දැකිය හැකිය. මෙම සැකය මනෝ වෛද්‍ය විද්‍යාත්මකව විග‍්‍රහ වන්නේ කෙසේද? තරහ වගේම සැකයත් පාලනය කර ගත නොහැකි තරම්, පවතී නම් එය අපේ ජීවිතයට විශාල බලපෑමක් ඇති කිරීමට සමත් වෙයි.මේ නිසාම සැකය ගැන ඇති මනෝ වෛද්‍ය විද්‍යාත්මක විග‍්‍රය කෙසේදැයි යන්න ගැන කතා කිරීමට අප අදහස් කළෙමු. ඒ අනුව අප හමුවන්නේ විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ මහතායි.මේ ඔහු අප හා කළ සාකච්චවයි.

වෛද්‍යතුමනි මේ සැකය මනෝ වෛද්‍ය විද්‍යාත්මකව විග‍්‍රහ කරනවා නම්?

සැකය ද තරහ වගේම එදිනෙදා සමාජයේ දකින්නට ඇති සාමාන්‍ය හැගීමක්. සාමාන්‍ය සැකය අපේ සමාජයේ අද අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වී තිබෙනවා. අද සමාජයේ මේ විදියට සාමාන්‍ය සැකයක්වත් නැතිව ජීවත් වීම අපහසුවී තිබෙනවා. උදාහරණයක් විදියට ඔබට රැකියාවක් දීම සඳහා විශාල මුදලක් යමෙක් ඉල්ලා සිටියහොත් ඔබ තුළ සාධාරණ සැයක් ඇති විය යුතුයි. නැතිනම් ඔබ වංචා කාරයෙකුට හසුවෙනවා. ඒ වගේම ඔබේ දුරකථනයට ඔබ නොදන්නා කෙනෙකුගෙන් ඇමතුමක් ලදහොත් ඔබ එය සැක කළ යුතුයි. මෙවැනි දේ සාධාරණ විදියට ඇතිවන සැකයන් වේ.


එවැනි සාධාරණ සැකවලින් ඔබ්බට ගිය අසාධාරණ සැකය කුමක්ද?

පුද්ගලයෙක් ගැන නිතරම සැකයෙන් බැලීම හෝ සෑම අවස්ථාවක් ගැනම සැකයෙන් බැලීම අසාධාරණ විදියට සැක කිරීමයි. වෙනත් වචනවලින් කියනවා නම් උදාහරණයක් විදියට පවුලක සැමියා සිය තරුණ බිරිඳ කඩවසම් තරුණයෙකු සමග කතා කරන විට සැකයක් ඇතිවීම ස්වභාවිකයි. ඔවැනි බිරිඳකට සැමියා ගැන එවන්නක් ඇතිවීමද එසේයි. නමුත් ඔහු හෝ ඇසුරු කරන සෑමදෙනා ගැනම සැක සිතනවා නම් එය අස්වාභාවිකයි. ඒවගේම තමා වටා සිටින සෑම කෙනා ගැනම සැකයෙන් බලන්නේ නම් එය අස්වාභාවිකයි.

කෙනෙකුට මේ විදියට අස්වාභාවික සැකයන් ඇති වන්නේ ඇයි?

අධික සහ අස්වාභාවික විදියට සැක ඇති වීමට හේතු තිබෙනවා.එම සෑම හේතුවක්ම මානසික රෝග හා සම්බන්ධයි. මේ අතරින් සාකච්චා කිරීමට හොඳ රෝගයක් වන්නේ morbid jealousy නමින් හඳුන්වනු ලබන මානසික රෝගයයි.මෙහි ලක්ෂණ වන්නේ කාන්තාවක් හෝ පිරිමියෙක් නිතර තම සහකරු හෝ සහකාරිය සැක කිරීම. එනම් ඔහු හෝ ඇය වෙන කෙනෙක් දෙස බැලුවත් සැකයි. නිතර පරීක්ෂා කරනවා එනම් කාර්යාලයට දුරකතනයෙන් කතා කරනවා. ගෙදර එන්න ප‍්‍රමාද වෙන්න බැහැ. යට ඇඳුම් පවා පරික්ෂා කොට බලනවා. ජංගම දුරකථනය පරීක්ෂා කොට බලනවා කාටද ඇමතුම් ගෙන තිබෙන්නේ ඇමතුම් ලැබී තිබෙන්නේ කාගෙන්ද ලැබී තිබෙන සහ යවා ඇති කෙටි පණිවිඩ මොනවාදැයි බලනවා. එසේම නිතරම පාපොච්චාරණය කරන්නැයි කියනවා. ගුටිබැට හුවමාරු කර ගන්නවා.මේ තත්ත්වය සැමියාට සිය බිරිඳ හො ්බිරිඳට සැමියා හො ්ඝාතනය කිරීමට පවා බලපාන ප‍්‍රධාන හේතුවක් බව සොයා ගෙන තිබෙනවා.

එසේනම මෙම තත්ත්වය ගැන අනෙක් කෙනා කටයුතු කළ යුත්තේ කෙසේද?

මෙය අනිවාර්යෙන්ම මානසික රෝගයක් බව වටහා ගත යුතුය. ඒ අනුව මනෝ වෛද්‍ය විශේෂඥ ප‍්‍රතිකාර සඳහා යොමු කළ යුුතුයි. නමුත් සිදු වන්නේ වෙනත් දෙයකි. එනම් මේ විදියට තම සහකාරිය හෝ සහකාරයා පෙම්වතා හෝ පෙම්වතිය සිතන්නේ ඔහු හෝ ඇය තමන්ව සැක කරන්නේ ආදරය වැඩි නිසා බවයි.එසේ සිතා ඔවුන් සිහින් සතුටක් ලබනවා.මේ තත්ත්වය රෝයක් බව තේරුම් ගන්නා විට බොහෝ කල් ගත වී හමාරයි. ශාරිීරික හානි පවා සිදුකොට ඉවරයි.

අද ලෝකයේ මෙවැනි අයට ප‍්‍රතිකාර කළ හැකියි.නමුත් දෙන්නාම මෙය රෝගයක් බව හඳුනා ගත යුතුයි.

මේ විදියට සැක ඇති වන කෙනා තමන්ට ඇත්තේ පාලනය කර ගත නොහැකි තරම් සැකයක් බව පිිළිගන්නවාද?

නැහැ,මේ රෝගයට ප‍්‍රතිකාර කිරීමට ඇති ප‍්‍රධානතම ගැටලුව එයයි.

එවැනි අධික සැක ඇති වන වෙනත් මානසික රෝග මොනවාද?

විෂාදය හෙවත් මානසික අවපීඩනය නම් රෝගීතත්ත්වයේ සිට භින්නෝන්මාදය නැමැති මානසික අසනීපය දක්වාම මෙවැනි සැක කිරීම‘ ඇතිවෙයි. එවැනි තත්ත්වයන් delusions ලෙස හඳුන්වයි. සඳහන් කළ සෑම මානසික රෝගී තත්ත්වයකදීම මෙවැනි delusions ඇති විය හැකියි. එසේම මත්පැන්වලට ඇබ්බැහි වු අයටත් මෙවැනි සැක ඇති වන delusions ඇති විය හැකි ඉඩකඩ වැඩියි.

ඒ කියන්නේ අධික සැකය යනු මානසික රෝගයක් ලක්ෂණයක්?

පැහැදිලිවම ඔව්, එවැනි අය සමග’ සමීප ජීවිතයක් පවත්වාගෙන යාම ඉතාම ආතතිකාරී තත්ත්වයකි.

ලාංකික සමාජය සැකය කේන්ද්‍ර ගත් සමාජයක් කියා මා අසා තිබෙනවා වෛද්‍යතුමනි ඔබ මේ අදහස සමග’එකග’ද?

මම සම්පූර්ණයෙන්ම එකගයි. බලන්න අප සමාජයේ අපි ඇස්වහ කටවහා අදිහූනියම් කොඩිවිණ කෙතරම් නම්‘ විශ්වාස කරනවාද? බලන්න නවීන පන්නයේ අලුත්ම වාහනවල දෙහි ගෙඩි සහ මිරිස් කරල් එල්ලා තිබෙන ආකාරය. එසේම සමහර ත්‍රී රෝද රථ වල පෞද්ගලික බස්වල පිටුපස ලියා ඇති අදහස්. මෙම රථයට බුදුසරණයි දෙවිපිහිටයි දැන් දැන් සමහර ති‍්‍ර රෝද රථවල පිටුපස හාස්‍ය ජනක වැකි ලියා තිබෙනු දැකිය හැකියි. මේවා ප‍්‍රදර්ශනය කිරීමේ යටි අදහස විය හැක්කේ ත්‍රීරෝද රථයේ ඇස්වහ කටවහ වැදීමෙන් මුදා ගැනීම විය හැකියි.අද පුවත්පතක දැන්වීම් දෙස බලන්න. යන්ත‍්‍ර මන්ත‍්‍ර වලින් ඇස් වහකට වහාදුරු කර දෙන්න කී දෙනෙක් නම් ඉදිරිපත් වෙනවාද? එවගේම අද අපේ රටේ පුහුල් මෙතරම් මිල අධික ඇයි?

පුහුල් තිබෙන්නේ මුලුතැන් ගෙයි නොව අලුතින් ඉඳි කරන ගොඩනැග’ිලි වල වහලේ එල්ලන්න. මේ තරම් අප සමාජය සැකය උඩ ක්‍රියා කරන්න හේතු වුණේ ඇයි කියා මට විග‍්‍රහ කළ නොහැකියි. නමුත් මා දැක තිබෙන සහ වෛද්‍ය සේවය සිදු කොට ඇති විදෙස් සමාජවල නම් මෙවැනි සැකයක් නැහැ. ඔවුන් සැක කරන්නේ අයි ආර් කාරයින්ල හොරුන් සහ ප‍්‍රසිද්ධ වංචාකාරයින් පමණයි. අනෙක් සෑම විටම ක්‍රියා කරන්නේ සැකය උඩ නොව විශ්වාසය උඩයි.

සැකය මත ක්‍රියා කිරීමේ වරද කුමක්ද?

සැකය ඊර්ෂ්‍යාව මත ක්‍රියා කරන විට අප යථාරථයෙන් ඈත් වන බව බුදුහාමුදුරුවොත් වෙනවා දී තිබෙන දෙයක්. එය ඉතා ගැඹුරු සත්‍යයක්. අපි විනාශ වෙනවා. අපිට කවදාවත් දියුණු වෙන්න බැහැ. අපි ඉන්නේ මිත්‍යාවක් පිටුපසයි. උපේ සමාජයේ විවාහ ජීවිතයේ හෝ අපගේ කාර්්‍යාලයේ ව්‍යාපාරයේ වුණත් අප ගේ සහකරු හෝ සහකාරිය සගයො සේවකයෝ ආදා සියලු දෙනාම විශ්වස කළ යුතුයි. ඔවුන්ගේ ආදරය ගෞරවය සහයෝගය ලැබෙන්නේ එවිටයි. නමුත් අපි සැක කළ යුතු අවස්ථා මොනවාදැයි කියා දැන ගෙන වැඩ කළ යුතුයි.

ඔබ සමාජයට දෙන පණිවිඩය කුමක්ද?

පණිවිඩය වන්නේ සැකය මත නොකර අනෙක් අය ගැන විශ්වාස කරන්න යන්නයි.

ඔබ කලින් කී morbid jealousy විඳින සැමියෙකුට හෝ බිරිඳකට දිය හැකි පණිවිඩය කුමක්ද?

තමන්ගේ පවුලේ අයට සහ මිත‍්‍රයින්ට මේ ගැන කියන්න ඔබෙ‘ ආරක්ෂාව ගැන සිතන්නග ඔබෙ‘ අනාගත සතුට ගැන සිතන්න ඔබගේ සැමියා හෝ බිරිඳ ප‍්‍රතිකාර ගැනීම සඳහා ගෙන යන්න. ඔහු හෝ ඇය එය ප‍්‍රතික්ෂේප කරනවා නම් ඔබගේ සහ ඔබෙ‘ දරුවන්ගේ ආරක්ෂාවට පළමු තැනදී ඉවත් වීමට පියවර ගැනීම වැදගත් බව සිතන්න.


විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ
සාකච්චා කළේ ප්‍රියන්ති මැණිකේ නවරත්න

 

No More Posts To Load